රුධිර සංසරණ පද්ධතිය

මිනිසාගේ හෘදය


 හෘදය වස්තුවේ රූප සටහන



හෘදයවස්තුවේ අභ්‍යන්තර පිහිටීම


මිනිසාගේ හෘදය අතිශයින් පේශිමය කේතු හැඩැති  කුහරමය අවයවයකි, යමකුගේ හෘදය සාමාන්‍යයෙන් ඔහුගේ මිට මෙලවූ අත්ලේ ප්‍රමාණය ගනී. වැඩුණු පුද්ගලයකුගේ හෘදය සාමාන්‍යයෙන් 12cm   පමණ දිගුය

පිහිටීම

උරස් කුහරය තුළ මදක් වම්පසට බරව, පෙනහළු දෙක අතර, අන්නස්‍රෝතය හා ස්වාසනාලයට පූර්ව ව  මහා ප්‍රාචීරය ට උත්තර ව සහ උරතලය සහ පර්ශු වලට අපරව පිහිටයි 

ව්‍යුහය

  • මිනිසාගේ හෘදය අභ්‍යන්තර කුටීර හතරකට බෙදී ඇත, ඉහළ කුටීර කර්ණිකා වන අතර පහළ කුටීර කෝෂිකාවේ
  • අන්තර්  හෘත්  කර්ණික ආවාරය මගින් වම් සහ දකුණු හෘත් කර්ණිකා වෙන් වී ඇත .වම් සහ දකුණු හෘත් කෝෂිකා එකිනෙකින් වෙන් වනුයේ අන්තර්  හෘත්  කෝෂික ආවාරය  මගිනි
  • එක් එක් පැත්තේ හෘත් කර්ණිකාව  හා හෘත් කෝෂිකාව අතර හෘත් කර්ණික කෝෂික කපාට පිහිටයි
  • දකුණු හෘත්  කර්ණික කෝෂික කපාට  ත්‍රී තුණ්ඩ කපාටය යන නමින් ද  වම් කර්ණික කෝෂික කපාට ද්විතුන්ඩ කපාටය හෙවත් මයිටර් කපාටය යන නමින්ද හඳුන්වයි
  • දකුණු  හෘත් කෝෂිකාවෙන්  පුප්පුශීය ධමනිය  ආරම්භ වේ එම ස්ථානයේ පුප්ඵුශිය කපාටය ඇත
  • වම් හෘත් කෝෂිකාවෙන් මහා ධමනිය ආරම්භ වේ. එම ස්ථානයේ මහා ධමනි කපාටය පිහිටයි
  • කර්ණිකා මගින් දේහයෙහි අවයව වල සිට ශිරා ඔස්සේ ගලා එන රුධිරය ලබාගන්න අතර කෝෂිකා මගින් දේහයෙහි අවයව වෙත ධමනි හරහා රුධිරය බෙදා හරියි
  • දකුණු කර්ණිකාවට විවෘත වන ශිරා වනුයේ උත්තර මහා ශිරාව හා අධර මහා ශිරාවය
  • වම් හා දකුණු පුප්ඵුසීය ශිරා යුගල් දෙක වම් කර්ණිකාවට විවෘත වේ
  • කෝෂිකා මගින් කෙරෙනුයේ  රුධිරය පෙනහැලි වලට හා දේහයේ අනිත් ප්‍රදේශ වලට පොම්ප කිරීමයි. කර්ණිකා වලට වඩා කෝෂිකා මගින් මගින් අධික කාර්යයක් සිදු කරනු ලබන බැවින් කෝෂිකා වල බිත්ති ඝනකම් වී ඇත
  • වම් කෝෂිකාව සංකෝචනය වීම මගින් දේහය පුරාම ඔක්සිජනීකෘත රුධිරය සංසරණය කිරීම සඳහා ප්‍රමාණවත් බලයක් ලබා දීම අවශ්‍ය වන නිසා වම්  කෝෂිකාවේ බිත්තිය වඩාත් පේශිමය වී ඇත.
  • මිනිස් හෘදයේ බිත්තියට රුධිරය සැපයෙන්නේ වම් සහ දකුණු කිරීටක ධමනි යුගල් මගිනි

ධමනි, ශිරා හා කේශනාලිකා

  • හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාළ ධමනි ලෙසත්, හෘදය දෙසට රුධිරය ගෙනයන නාළ ශිරා ලෙසත් හඳුන්වයි. 
  • හෘදයෙන් ආරම්භ වන මහා ධමනි ශාඛාවලට බෙදෙයි.
  • හෘදයෙන් ආරම්භ වන පුප්ඵුසීය මහා ධමනිය පෙනහැලිවලට රුධිරය සපයයි.
  • සංස්ථානික මහා ධමනිය අනෙකුත් ඉන්ද්‍රිය වෙතට රුධිරය පොම්ප කරයි. 
  • ධමනියක්ඉ න්ද්‍රිය තුළ දී තව දුරටත් බෙදී පිළිවෙළින් ධමනිකා සහ කේශනාලිකා සාදයි.
  •  කේශනාලිකා එකතු වී අනු ශිරා සාදන අතර අනුශිරා එක්වීමෙන් ශිරා සෑදෙයි.
  •  පෙනහැලි යුගලයෙන් ආරම්භ වන පුප්ඵුසීය ශිරා වම් කර්ණිකාවලට විවෘත වේ.

  • හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන ධමනිවල බිත්ති ඝනකම්ව පිහිටා ඇත. 
  • එසේ සැකසී ඇත්තේ රුධිරය පොම්ප කරන අවස්ථාවේ ඇති වන අධික පීඩනයකට ඔරොත්තු දීම සඳහා ය. 
  • ධමනි ප්‍රත්‍යස්ථ බවින් යුක්ත ය.
  • ඉන්ද්‍රියයන්ගේ සිට හෘදය දෙසට රුධිරය ගෙන යනු ලබන්නේ ශිරා මගිනි. එහි  රුධිර
  • පීඩනය සාපේක්ෂව අඩු ය. එබැවින් ශිරාවල බිත්ති ඝනකමින් අඩු ය. ප්‍රත්‍යස්ථ නොවේ.
  • හෘදය දෙසට විවෘත වූ කපාට පිහිටයි.
  • රුධිර කේශනාලිකාවක බිත්තිය සෑදී ඇත්තේ තනි සෛල ස්තරයකිනි. කේශනාලිකා
  • විහිදී ඇත්තේ සෛල අතරින් බැවින් කේශනාලිකාව තුළ රුධිරයෙහි වූ වායු හා පෝෂක,
  • සෛලවලට විසරණය වන අතර සෛලවලින් බැහැර කෙරෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය රුධිර
  • කේශනාලිකා තුළට විසරණය වේ

 පාඩමට  අදාල  වීඩියෝ  මෙතනින් නරඹන්න 






රුධිරයේ සංඝටක හා කෘත්‍ය

  • රුධිරය රතු පැහැති ය. පරීක්ෂානළයකට ගත් රුධිර සාම්පලයක්කේන්ද්‍රාභිසරණයට ලක් කර නිශ්චලවතැබූ විට පැහැදිලි ස්තර දෙකක් දක්නට ලැබේ.තද රතු පැහැති කොටස රුධිරදේහාණු වන අතර ලා කහ පැහැති තරලය රුධිර ප්ලාස්මය වේ.



  • මිනිස් රුධිරයේ ඝන මිලිමීටරයක රතු රුධිරාණුමිලියන පහක් පමණ ඇත. දේහාණු අතරින් වඩාත්ප්‍රකටව පෙනෙන්නේ රතු පැහැති එමෙන්ම ද්විඅවතල හැඩයක් ඇති මණ්ඩලාකාර සෛල වන රක්තාණු ය. මේවා රතු ඇටමිදුළු තුළ හට ගනී. ආයුකාලය මාස හතරක් පමණ වේ. රක්තාණු වල න්‍යෂ්ටියක් නොමැති වීමෙන් එහි පෘෂ්ඨීය වර්ගඵලය වැඩි වී ඇත.
  • රක්තාණුවල කෘත්‍යය වනුයේ ඔක්සිජන් පරිවහනය කිරීමයි. මේ සඳහා රක්තාණු වල හිමෝග්ලොබින් නැමැති රතු පැහැති වර්ණකයක් අඩංගු වේ. ඔක්සිජන් හිමෝග්ලොබින් සමග බැදී ඔක්සිහිමෝග්ලොබින් ලෙස සෛල කරා පරිවහනය වේ.

සුදු රුධිරාණු

  • රතු රුධිරාණුවලට වඩා විශාල නමුත් එතරම් බහුල නොවූ දේහාණු වර්ගයක් රුධිරයේ දක්නට ලැබේ. ඇටමිදුළු තුළ නිපදවෙන මෙම සෛල න්‍යෂ්ටි සහිත ය.මෙම අවර්ණ සෛල සුදු රුධිරාණු හෙවත් ශ්වේතානු ලෙස හැඳින්වේ. රතු රුධිරාණු600කට එකක් පමණ වන ලෙස සුදු රුධිරාණු ඇත.
සුදු රුධිරාණු වර්ග දෙකකි.
  • සෛල ප්ලාස්මයේ කණිකා සහිත සුදු රුධිරාණු
  • සෛල ප්ලාස්මයේ කණිකා නොමැති සුදු රුධිරාණු
කණිකා සහිත සුදු රුධිරාණු වර්ග තුනකි.
  • නියුට්රොෆිල ”
  •  ඉයොසිනොෆිල 
  • බේසොෆිල
කණිකා රහිත සුදු රුධිරාණු වර්ග දෙකකි.
  •  වසා සෛල 
  • මොනොසෛට
මිනිස් රුධිරය ඝන මිලිමීටරයක සුදු රුධිරාණු 4000 - 11000 දක්වා සංඛ්‍යාවක් ඇත.
 
නිරෝගී පුද්ගලයකුගේ සුදු රුධිරාණු ප්‍රතිශත වගුවෙහි දැක්වේ



බොහෝ රෝගවල දී මෙම සුදු රුධිරාණු සංඛ්‍යා නියමිත ප්‍රතිශතවලට වඩා වැඩි වීමසිදුවේ. මිනිස් රුධිරයේ ඇති සුදු රුධිරාණු සංඛ්‍යා අනාවරණය කර ගැනීම මගින් එමරෝග තත්ත්ව විනිශ්චය කළ හැකි ය.සුදු රුධිරාණුවල කෘත්‍ය වනුයේ දේහයට ඇතුළු වන බැක්ටීරියා වැනි විෂබීජ විනාශකර දේහය ආරක්ෂා කිරීමයි. විෂබීජ භක්ෂණය කිරීම හා ප්‍රතිදේහ නිපදවීම මගින් මෙම ක්‍රියාවලිය සිදු කරයි

පට්ටිකා

රතු රුධිරාණු හා සුදු රුධිරාණුවලට අමතර ව, රුධිරයෙහි සෛල ලෙස හැඳින්විය නොහැකි සෛල කැබලි දැකිය හැකි ය. න්‍යෂ්ටියක් නොමැති මෙම දේහාණු පට්ටිකා ලෙස හැඳින්වේ.නිරෝගී පුද්ගලයකුගේ රුධිරය ඝන මිලිමීටරයක රුධිර පට්ටිකා 150 000-400 000 අතරසංඛ්‍යාවක් ඇත. මේවා ඇට මිදුළුවල හට ගනී. පට්ටිකාවල ආයු කාලය දින 5-7 දක්වාපමණ වේ. ඩෙංගු, මී උණ වැනි රෝග නිසා පට්ටිකා සංඛ්‍යාව අධික ලෙස පහළ බසී. පට්ටිකා තුළ අඩංගු ත්‍රොම්බොප්ලාස්ටින් නම් ද්‍රව්‍ය රුධිරය කැටි ගැසීමට දායක වේ. 

රුධිර ප්ලාස්මය

රුධිර ප්ලාස්මයේ 92%ක් පමණ ජලය වේ. ඊට අමතරව වැඩිපුර ම ඇත්තේ ප්‍රෝටීන යි.පෝෂක, නයිට්‍රජනීය අපද්‍රව්‍ය, හෝර්මෝන, එන්සයිම, වායු හා අයන වර්ග ද රුධිර ප්ලාස්මයේ අඩංගු වේ.



රුධිරයේ කෘත්‍ය

ද්‍රව්‍ය පරිවහනය (ශ්වසන වායු, ජීරණ ඵල, බහිස්ස්‍රාවි ද්‍රව්‍ය, හෝර්මෝන,පට්ටිකා හා ප්‍රෝටීන්, ඛනිජ අයන)රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියා කොට දේහය ආරක්ෂා කර ගැනීම (සුදුරුධිරාණු මගින් විෂබීජ භක්ෂණය හා ප්‍රතිදේහ නිපදවීම මගින්) විවිධ පටක හා අවයව අතර රසායනික සමායෝජනය හා සමස්ථිතිය පවත්වාගැනීම


 රුධිර පාරවිලයනය
  • එක් පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුට ශරීරගත කිරීම රුධිර පාරවිලයනය ලෙස හඳුන්වයි
  • රුධිරය ප්‍රදානය කරනු ලබන තැනැත්තා දායකයා ලෙසත්, රුධිරය ශරීර ගත කරගන්නා ප්‍රතිග්‍රාහකයා ලෙසත් හඳුන්වනු ලැබේ.
  •  ඕනෑම කෙනෙකුගේ රුධිරය තවත්ඕනෑම කෙනෙකුට පාරවිලයනය කළ නොහැකිය
  • රුධිර පාරවිලයනයේ දී දායකයාගේ සහ ප්‍රතිග්‍රාහකයාගේ රුධිර ගැළපීම අත්‍යවශ්‍ය වේ.
  • එහි දී රුධිර ගණ ගැළපීම සහ රීසස් සාධකයේ ගැළපීම ප්‍රධාන තැනක් ගනියි
රීසස් සාධකයේ ගැළපීම
  • කිසියම් පුද්ගලයෙකුගේ රුධිරය රීසස් සාධකය සහිත නම් Rh+ ලෙස ද රීසස් සාධකය රහිත වේ නම් Rh-ලෙස ද හැඳින්වේ. 
  • රීසස් සාධකය සහිත ප්‍රතිග්‍රාහකයින්ට රීසස් සාධකය සහිත හා රහිත රුධිරය ගැළපෙන අතර රීසස් සාධකය රහිත ප්‍රතිග්‍රාහකයින්ට ගැළපෙනුයේ රීසස් සාධකය රහිත රුධිරය පමණි



මෙම සබැඳිය භාවිතා කර ඒකකයට අදාළ  පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රය  ලබාගන්න

ඒකක අභ්‍යාස

 වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා පහත සබැඳි භාවිතා කරන්න

References

  1. e-Thaksalawa Moodle - Course 140:

  2. Channel NIE (YouTube channel):

  3. National Institute of Education (NIE):

    • Title: National Institute of Education (NIE)
    • Website: nie.lk
    • URL: https://nie.lk/
  4. Introduction to Programming - Part 1 (YouTube video):