ධ්වනිය

 ධ්වනිය

  • ශබ්ද හෙවත් ධ්වනි නිපදවෙන්නේ ද්‍රව්‍යවල සිදු වන කම්පන හේතුවෙනි.
  • ධ්වනිය හෙවත් ශබ්දය නිපදවන උපකරණ ධ්වනි ප්‍රභව ලෙස හැඳින්වේ.
ධ්වනිය නිපදවීමේ දී කම්පනය වන කොටස අනුව ධ්වනි ප්‍රභව කොටස් තුනකට බෙදිය හැකිය


 ස්වාභාවික ශබ්ද හා කෘතිම ශබ්ද

ධ්වනිය හෙවත් ශබ්දය  නැවත  කොටස් දෙකකට වර්ග කළ හැකිය  එනම්  ස්වාභාවික ශබ්ද හා කෘතිම ශබ්ද ලෙසය
කෘත්‍රිම ශබ්ද මෙන් ම ස්වාභාවික ශබ්ද ද ඇතිවන්නේ තත්/දඬු හෝ පටල හෝ වා කඳන්
හෝ කම්පනය වීමෙනි.

ස්වාභාවික ශබ්ද 

මිනිසුන්ගේ මැදිහත් වීම්කින් තොරව නිපදවෙන  ශබ්ද  ස්වාභාවික ශබ්ද ලෙස හඳුන්වයි
නිදසුන්-ජලය ගලා යන හඬ, ගස් වල කොල සෙලවෙන හඬ, කුරුල්ලන්ගේ නාදය

කෘත්‍රිම ශබ්ද

 මිනිසාගේ මැදිහත්වවීමක් සහිතව  ඇතිවන ශබ්ද  කෘතිම ශබ්ද ලෙස  හැඳින්විය හැක
 නිදසුන්- කර්මාන්තශාලාවල හඩ, වාහන වල හඬ, ලමයින්ගේ ඝෝෂාව

පියාඹන මී මැස්සන්ගේ ගුමු ගුමු නාදය ඇති වන්නේ ඔවුන්ගේ කුඩා පියාපත් වේගයෙන්දෙපසට සැලීම නිසා ය. පළඟැටියන් සහ රැහැයියන් ශබ්දය ඇති කරනු ලබන්නේ සිය පාදවල ඇති කෙඳි අනෙක් පාදයෙන් පිරිමැදීමෙන් ඇතිවන කම්පන හේතුවෙනි.

කම්පන සංඛ්‍යාතය

  • ධ්වනි ප්‍රභවයක ඒකක කාලයක දී හටගන්නා කම්පන සංඛ්‍යාව සංඛ්‍යාතය ලෙසහදුන්වනු ලැබේ.
  • කම්පන සංඛ්‍යාතය මනිනු ලබන අන්තර් ජාතික ඒකකය වන්නේ හර්ට්ස් (Hz )ය.
  • නිදසුන්- යම් වස්තුවක්  තත්පරයකදී  කම්පන  256 ක් සිදුකරයි නම්, එම වස්තුවේ සංඛ්‍යාතය වනුයේ 256Hz  වේ.
  • සංඛ්‍යාතය  පිළිබඳව අධ්‍යයනය කිරීමට  විද්‍යාගාරයේ දී  සරසුල්  නැමැති උපකරණ යොදාගනී, මෙම සරසුල් වල සංඛ්‍යාතය වෙනස් වන්නේ  ඒවායෙහි බාහුවල දිග වෙනස් වීම මතය. සංගීත උපකරණ වල විවිදධ නාද ඉපදීම සඳහා  විවිධ උපක්‍රම යොදා ගනී. මෙහිදී  විවිදධ නාද උපදින්නේ  සංඛ්‍යාතය වෙනස් වීම මගිනි. 
  • සංඛ්‍යාතය වෙනස් කිරීමෙන් සංගීතයේ ස්වර හත නිපදවා ගනු ලැබේ. 

පටල කම්පනය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ

  • පටල කම්පනය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ වලට උදා උදාහරණ වන්නේ රබාන, ගැට බෙරය, තබ්ලාව
  • මෙම සංගීත උපකරණ වල  හඬ වෙනස් කිරීම සඳහා  පටලයේ ආතතිය  වෙනස් කිරීම  සිදු කළ හැකිය, තුනී සම් පටලයක් භාවිතාකිරීම කළ හැකිය

වායු කඳක් කම්පනයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ

  • වායු කඳක් කම්පනයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ සඳහා  උදාහරණ වන්නේ - බටනළාව, හොරණෑව,trumpet,trombone.
  • මෙම සංගීත භාණ්ඩ වල, කම්පනය වන වායු කොටසේ දිග  වෙනස් කිරීම මඟින්  නිපදවෙන හඬ ( ස්වරය)  වෙනස් කළ හැකිය.

තන්තු/දඬු කම්පනය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ

  • තන්තු/දඬු කම්පනය වීමෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ සඳහා සාධාරණ වන්නේ- ගිටාරය, වීණාව, සිතාරය,සයිලපෝනය
  • මෙම සංගීත භාණ්ඩ වල  හඬ වෙනස් කිරීමට-  තන්තු වල ආතතිය, හරස්කඩ වර්ගඵලය, තන්තු වල දිග  වෙනස් කිරීම මගින්  සිදුකරගත හැකිය
  • තන්තු කම්පනය කරන වේගය සහ ස්වභාවය අනුව දඇති වන හඬෙහි ස්වභාවය වෙනස් විය හැකි ය.

වැඩිදුර අධ්‍යනය සඳහා පහත වීඩියෝ නරඹන්න




සංගීත නාද හා ඝෝෂා

  •  කනට මිහිරි ශබ්ද, රිද්මයානූ කූලව ගැයෙන හෝ වැයෙන ඒවා වන අතර ඒවා සංගීත නාද වේ. එම ශබ්ද ඇති වන්නේ වස්තු ක්‍රමානුකූලව කම්පනය වීමෙනි
  • අපේ කනට අමිහිරි අවිධිමත් ශබ්ද ඝෝෂා ලෙස හඳුන්වයි. ඒවා ඇතිවන්නේ වස්තුවකඇති වන අක්‍රමවත් කම්පන හේතුවෙනි. 
  • සංගීත නාදයක් වුව ද සමහර විට ශබ්දය අධික වූ විට පීඩාකාරී තත්ත්ව ඇති විය හැකි ය.මෙය පුද්ගලයාගේ රුචිය අනුව වෙනස් විය හැකි ය
  • අධික ශබ්ද හෝ ඝෝෂාකාරී ශබ්ද ශ්‍රවණය කිරීම නිසා කනට හානි පැමිණිය හැකි ය
  • සමාජයේ අන් පුද්ගලයන්ට හිරිහැරයක්, බාධාවක් නොවන පරිදි  ධ්වනිය  භාවිතා කිරීම  අපගේ වගකීමක් සහ යුතුකමකි

පුරාතන, සාම්ප්‍රදායික හා නූතන සංගීත භාණ්ඩ

ශ්‍රී ලංකාවේ පැරණි සංගීත  භාණ්ඩ ආතත, විතත,විත තාතත ඝන සුසිර පරිදි වර්ග කළ හැකිය.

ආතත - අත් දෙක භාවිතා කර, සහ කඩුප්පු භාවිතයෙන් තොරව වාදනය කරන වාද්‍යය භාණ්ඩ මේ යටතට ගැනේ-
විතත -කඩිප්පුව භාවිතයෙන් පමණක් වාදනය කරන උපකරණ-
විතතාතත - එක අතක් සහ කඩිප්පුවක් භාවිතෙයන් වාදනය කරනකරන වාද්‍යය භාණ්ඩ මේ යටතට ගැනේ
ඝණ - තාලම්පට  වැනි,ඝන ද්‍රව්‍ය වලින්  සාදා ඇති  වාද්‍යය භාණ්ඩ මේ යටතට ගැනේ
සුසිර - පිඹින සුළඟ භාවිතයෙන් වාදනය කරන සංගීත භාණ්ඩ  මේ යටතට ගැනේ

සංගීත චිකිත්සාව
සංගීතය යොදාගෙන සිදු කරනු ලබන ප්‍රතිකාර ක්‍රමයක් සංගීත චිකිත්සාව ලෙස හඳුන්වයි

මෙමගින්
  • මිනිසුන්ගේ ආතතිය අඩු කිරීම හා ආධ්‍යාත්මික සුවය ඇති කිරීම 
  • හෘද රෝග සුවපත් කිරීම
  • ජීවයේ ගුණාත්මක භාවය වැඩි කිරීම 
  • මානසි ඒකාග්‍රතාවය ඇති කිරීම 
  • කායික යෝග්‍ය යෝග්‍යතාව ඇති කිරීම
  • මානසික අවපීඩනය දුරු කිරීම  වැනි   
අවස්ථා සඳහා  සංගීත චිකිත්සාව යොදා ගනී
 
කුඩා කල සිටම, සංගීතය  රස විඳීමට පුරුදු වීමෙන්, නිරවුල් නිරෝගී සුවබර ජීවිතයක් ගත  කිරීමට හේතුවක් වනු ඇත

 ශ්‍රව්‍යතා සීමාව

  • මිනිසාට ශ්‍රවණය කළ හැකි සංඛ්‍යාත පරාසය ශ්‍රව්‍යතා සීමාවලෙස හඳුන්වයි.මෙය 20 Hz - 20000Hz අතර  පරාසයකක්  වේ. 20Hz ට වඩා අඩු සංඛ්‍යාත  ද 20000Hzට වඩා වැඩි සංඛ්‍යාත ද  ශ්‍රවණය කළ නොහැක.
  • බල්ලාට 20Hz  ට වඩා අඩු සංඛ්‍යාත සහිත ශබ්ද මෙන් ම 25000 Hz වැනි ඉහළ සංඛ්‍යාත සහිත ශබ්ද ද ඇසේ. 
  • වවුලාට 70000 Hz දක්වා වන ඉතා ඉහළ සංඛ්‍යාත සහිත ශබ්ද ද ශ්‍රවණය කළ හැකි වේ. 
  •  20Hz අඩු සංඛ්‍යාත අධෝ ධ්වනිය ලෙසද,20000Hz වැඩි සංඛ්‍යාත අති ධ්වනිය ලෙසද හඳුන්වයි  

Post a Comment

0 Comments