ශාක කොටස්වල විවිධත්වය හා කෘත්‍ය

 ශාක කොටස්වල විවිධත්වය හා කෘත්‍ය

 ශාකයක ප්‍රධාන කොටස් දෙකක් හඳුනා ගත හැකිය
  1. ප්‍රරෝහ පද්ධතිය
  2. මූල පද්ධතිය
 ශාකයක ප්‍රධාන කොටස්

ශාක පත්‍රවල විවිධත්වය හා කෘත්‍ය

ශාක පත්‍රයක කොටස්

 ශාක පත්‍රයේ විවිධ කොටස් වල විවිධත්වය

පත්‍ර දාරයේ විවිධත්වය


  පත්‍ර  හැඩයේ විවිධත්වය


 පත්‍ර අග්‍රයේ විවිධත්වය
 පත්‍ර  පාදයේ විවිධත්වය
පත්‍ර වින්‍යාසය
  • පත්‍ර වින්‍යාසය-ශාක පත්‍ර කඳට සවි වී ඇති රටාව පත්‍ර වින්‍යාසය  ලෙස හඳුන්වයි

 පත්‍ර  නාරටි වින්‍යාසයේ  විවිධත්වය


ශාක පත්‍ර මගින් ඉටුකරන කෘත්‍යයන්

  1.  ප්‍රභාසංස්ලේෂණය සිදු කිරීම

  • ප්‍රභාසංස්ලේෂණයේ දී සිදුවන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් මගින් ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කිරීමයි
  • මෙහිදී අමුද්‍රව්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් වායුවත් ජලයත් යොදාගනී, කාබන් ඩයොක්සයිඩ් වායුව  වායුගෝලයෙන් ශාක පත්‍ර මගින් උරා ගනී, ජලය මුල් මගින්  පසෙන් ලබා ගනී,ආලෝක ශක්තිය, කොළ පැහැති  හරිතප්‍රද වර්ණක මගින් උරා ගන්නා අතර,  එම ආලෝක ශක්තිය භාවිතා කර ශාක පත්‍ර තුළදී, කාබන් ඩයොක්සයිඩ් වායුව හා  ජලය අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන ග්ලූකෝස් නිපදවීම සිදුවේ.මෙහිදී අතුරු ඵලයක් ලෙස  ඔක්සිජන් වායුව ලැබේ

ප්‍රභාසංස්ලේෂණය සඳහා වචන සමීකරණය

      2.උත්ස්වේදනය

  • භෞමික ශාක වල වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම උත්ස්වේදනය ලෙස  හඳුන්වයි.බහුලවම සිදුවන්නේ පත්‍ර වල පුටිකා සිදුරු හරහාය. උත්ස්වේදනය මගින් ශාක සඳහා ඉහලට ජලය ඇද ඇදගන්නා බලයක් ඇති කරයි (උත්ස්වේදන චුෂණ බලය)   මෙම බලය ඉතා උස් ශාකවල ඉහලට ජලය ඇද ගැනීම සඳහා ආධාර වේ.
ඇතැම් පරිසර වල  ඇති ශාක සඳහා  උත්ස්වේදනය සමහර අවස්ථාවල අවාසිදායක වේ, ඒ සඳහා   උත්ස්වේදනය අවම කර ගැනීමට විවිධ ශාක අනුවර්තන දරයි.
  • ගනකම ඉටි සහිත උච්චර්මයක් පිහිටීම. නිදසුන් - අරලිය, කනේරු
  • පත්‍ර කටු බවට විකරණය වීම. නිදසුන් - පතොක්
  • පත්‍ර සිහින් වීම. නිදසුන් - කස
  • පත්‍ර ක්ෂීණ වීම. නිදසුන් - නවහන්දි, හීරැස්ස

3.සමහර ශාක විශේෂ  වල පත්‍ර තුළ ජලය ගබඩා කිරීම

  • සමහර ශාක පත්‍ර තුළ ජලය ගබඩා කර තබා ගනියි. එම ශාක පත්‍ර මාංසල ස්වභාවයෙන්යු තු අතර එසේ වන්නේ ජල සංරක්ෂණය සඳහා විශේෂ පටක අඩංගු බැවිනි 
උදාහරණ- අක්කපාන, නවහන්දි

4.වර්ධක ප්‍රජනනය මගින් නව ශාක බිහිකිරීම

ඇතැම් ශාක පත්‍ර වර්ධක ප්‍රජනනය මගින් නව ශාක බිහි කරයි. (ශාක ප්‍රචාරණය)
නිදසුන් :- අක්කපාන, බිගෝනියා 

ශාක කඳෙහි විවිධත්වය හා කෘත්‍ය

  • ශාකයේ පත්‍ර, අංකුර, පුෂ්ප, ඵල, බීජ දරා සිටීම
  • ශාකයට සන්ධාරණය සැපයීම
  •  සමහර ශාක කඳ අනුව සංචිත කෘත්‍යය සිදුකරයි
  • අලුත් ශාක බිහි කිරීම-ප්‍රචාරණ කඳන් -  නිදසුන් :-( ධාවකමගින්)ගොටුකොළ,  උදුපියලිය, ඇඹුල් ඇඹිලිය,- (මොටෙයියන් මගින්)- කෙසෙල්,  කලාඳුරු, ගොයම්
  • වායව  කඳෙහි ආහාර සංචිත කිරීම - නිදසුන්-  උක් , කිතුල්
  • කොළපැහැති ශාක  කඳන්   ප්‍රභාසංස්ලේෂණය සිදු කිරීම
සමහර ශාකවල කඳන් පස තුළ පිහිටා ඇත. ඒවා භූගත කඳන් ලෙස හැඳින්වේ
  • භූගත කඳන් ආහාර සංචිත කෘත්‍යය, කාලතරණය කෘත්‍යය මෙන් ම ප්‍රචාරණ කෘත්‍යය දසිදු කරයි. අහිතකර කාලවල දී වායව කොටස් මියගිය ද භූගත කඳ නොනැසී පවතී.පසුව හිතකර කාලය පැමිණි විට නැවත භූගත කඳ මගින් නව අංකුර ඇති කරයි.මේ සඳහා සංචිත ආහාර උපයෝගී කර ගනී. නිදසුන්-කහ ඉඟුරු ලූනු අර්තාපල්
  • සමහර ශාක සූර්යාලෝකය වඩාත් හොඳින් ලබා ගැනීම සඳහා වෙනත් ආධාරකඋපකාරයෙන් ඉහළ නගී. මෙවැනි ශාක කඳන් ආරෝහක කඳන් ලෙස හැඳින්වේ
  • නිදසුන් -වෙනිවැල්, බෝංචි , ගම්මිරිස්

ශාක මුල්වල  කෘත්‍ය 

  • ශාකය පසට සවි කිරීම 
  • පසෙන් ජලය හා ඛනිජ ලවණ අවශෝෂණය කිරීම

මීට අමතරව වෙනත් කෘත්‍ය සඳහා හැඩගැසුණු මුල් ද ඇත.


  • මුදුන් මුලෙන් හෝ එහි ශාඛාවලින් හැරුණු විට ශාකවල වෙනත් කොටස්වලින් ද මුල් හටගනී. එම මුල් ආගන්තුක මුල් වශයෙන් හැඳින්වේ.
  • නිදසුන්-මඤ්ඤොක්කා, බතල,ඩේලියා
 පුනරීක්ෂණ අභ්‍යාස මෙතනින් ලබා ලබාගන්න


 වැඩිදුර අධ්‍යනය සඳහා පහත වීඩියෝ නරඹන්න






 වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා පහත සබැඳි භාවිතා කරන්න

References

  1. e-Thaksalawa Moodle

  2. Channel NIE (YouTube channel):

  3. National Institute of Education (NIE):

    • Title: National Institute of Education (NIE)
    • Website: nie.lk
    • URL: https://nie.lk/
  4. Introduction to Programming - Part 1 (YouTube video):





Post a Comment

0 Comments